විවිධ

Powered by Blogger.

Thursday, December 30, 2010

අරුත් සුන් කවිය

පන්හිඳ තුඩින්
ගිලිහෙමින්
පද වැල්
අපිළිවෙලකට
ලිය වුන
අරුත් සුන්
කවිය නුඹ
සුභ අලුත් අවුරුද්දක් වේවා ! ඔබ සැමටම

Tuesday, December 28, 2010

රතු ඉර

ඉලුක් හුළඟට දුවන
දුක නොඅඩු පියස යට
ඉල් අහස ගැබ්බරව ඇති කලේ

ඉස්පාසුවක් නොවන
හෙට අනිද්දාවක පිබිද
ගිය හකුර නමට හඬනා මලේ

මහ කන්නයට පිපුණ
රතු ඉරට ගත දැවුණ
අප්පච්චි තවම ඒ මහ කැලේ

මරු වැල්ද මකාගෙන
උන්නොදුටු දිසාවට
උඹට පය නඟනු හැකි වෙද මලේ

Saturday, December 25, 2010

නත්තල..

තවත් නම්
    Christ's Mass (ක්‍රිස්තුස්ගේ පූජාව)
    Nativity (උත්පත්තිය)
    Noel
    Feast of the Nativity (උත්පත්ති උත්සවය)

වැදගත්කම
     ක්‍රිස්තුස් වහන්සේගේ උපන්දිනය..

පිලිවෙත..
    ත්‍යාග ප්‍රධානය
    පල්ලි උත්සව
    පවුලේ සහ වෙනස් සාමාජීය හමුවීම්
    සංකේතාත්මක සැරසිලි 

ඉතින්.... .

නත්තල් ඇති, නත්තල් නැති, උත්සව ඇති උත්සව නැති, එකී මෙකී නොකී....
සැමට සුබ නත්තලක්ම වේවා...

Friday, December 24, 2010

ප්‍රියාන් ගේ පොත් දොරට වැඩුම....

මාධ්‍යවේදී ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර විසින් රචිත 
"කම්පනයට වෙන්න ඇති"
කාව්‍ය සංග්‍රහය සහ 
"නෑ ඒ අම්මා නෙවෙයි"
යොවුන් නව කතාව දොරට වැඩීම 
දෙසැම්බර් මස 30 වන දින සවස 2.30 ට 
කොළඹ 07, ජාතික පුස්තකාල හා ප්‍රලේඛණ සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී සිදුකෙරේ
එදින මුලසුන මහාචාර්ය ජිනදාස දනන්සූරිය මහතා විසින් දරනු ලබයි. කේ.කේ. සමන් කුමාර විසින් අත්දැකීම්, පරිකල්පනය හා නිර්මාණකරණය යන මැයෙන්ද, අනෝමා රාජකරුණා විසින් නූතන කවියේ සමාජීය මැදිහත්වීම යන මැයෙන්ද, දෙසුම් පවත්වනු ලැබේ‍. චින්තන ගීතදේව සහ ෂැගී විසින්  සංගීතමය රස මුසුවක් එම අවස්ථාවට එක් කරනු ඇත.

Wednesday, December 22, 2010

දැන්වීමයි


වසර දෙකක කාලයක් සදහා
නැවත මව්බිමට පැමිණීමට නියමිත බව
කොමෙන්තුවක් මගින් විකී වෙත පවසා ඇත.
එමගින් ඔහු ,
..............කාන්තාරෙට අවුරුද්දකට දෙකකට සමුදෙන්ට කියලා හිතන් ඉන්නේ ඕං... දවසක සැට්වෙලා ...............
ලෙස දන්වමින්
සිය අනාගත සැළසුම් පිළිබදවද ඉගි පළ කොට තිබේ.
මේ සදහා සහභාගී වීමට ඔබත් කැමැත්තක් දක්වන්නේනම්
ඒ පිළිබදව ඩුබායි වට්ටක්කා වෙත ගොස්
කොමෙන්තුවක් මගින් පුතාට දැණුම් දෙන්න.

ඉක්මන් කරන්න

Friday, December 17, 2010

යුද්ධයෙන් චූන් වීම

යුද්ධයෙන් වඩාත් පීඩාවට පත්වන්නේ දරුවන්ය. පියවරුන් හා මව්වරුන් අහිමිවීමෙන් පමණක් නොව දහස් ගණනින් ජීවිත හානි වීමෙන් හා සදාකාලික අබාධියන් බවට පත්වන්නේද කිසි වරදක් නොකල කුඩා දරුවන්ගේමය. එමෙන්ම යුද්ධය ඇතිව හෝ නැතිව යුද්ධය හුරතල් කරන සමාජයක එම සමාජයේ කුඩා දරුවන්ගේ මනස් රෝගාතුර වීමේ බරපතළ අවදානම වටහා නොගත් කල හෙට දවස වෙනුවෙන් ඉතිරිවන්නේ මිටත් වඩා පලිගැනීමේ උමතුවෙන් පෙළෙන රටකි. රූපවාහිනිය, පත්තර හා රේඩියෝව දරුවන් වෙනුවෙන් තාත්තලාගේ කාර්යභාරය සිදුකරණ කල්හී හෙට වැඩිහිටියන් බවට පත්වන්නේ එක්ස් කණ්ඩායම වරක් කිව්වාක් මෙන් ළමාවිය ඔවුන්ගේ වැඩිහිටි ජීවිතය තුළද සදාකාලිකවම රඳවා ගනිමිනි.
ඔබට දරුවෙක්ව යුද්ධයෙන් අයින් කර තබන්නට පුළුවන්. නමුත් දරුවාගෙන් ඔබ යුද්ධය අයින් කරන්නේ කොහොමද?පහතින් දැක්වෙන්නේ අද දිවයිනේ මුල් පිටුවේ ඡායාරූපය හා සටහනයි. මෙයට මේ සමාජය චූන් කරවන යුද උන්මාදය හැර වෙන කුමක් කියන්නද?


තිස්‌ වසරක කොටි ත්‍රස්‌තවාදය අවසන් කර දැමීමේ මානුෂීය මෙහෙයුම් වලදී යුද හමුදා සන්නාහ සන්නද්ධ බළකාය ඉටුකළ මෙහෙවර අති මහත්ය. එදා සතුරු බල මුළු විනාශ කරමින් සටන් පෙරමුණේ පෙරට ඇදුන සන්නද්ධ යුද ටැංකි මෙහෙයවූ රණවිරු පියවරුන්ගේ දරුවෝ මෙදා එම යුද ටැංකි මත නැඟී සිය පියවරුන් පෑ විකුම් සිහිපත් කළ අයුරු දැක්‌වෙන මෙම සංවේදී දසුන මෝදර රොක්‌ හවුස්‌හි සන්නාහ සන්නද්ධ බලකා මූලස්‌ථානයේදී ඊයේ (15 දා) අපට දැකගත හැකිවිය.
සටහන : සිරිමෙවන් ඡායාරූපය : සුජාතා ජයරත්න

උපුටා ගැනීම - LOOPHOLES
http://loopholes-loopholes.blogspot.com/

Saturday, December 4, 2010

තරුව

සඳ නොමැති රෑ අහස
තනි නොකර තනි රකින
රන් තරුව....
මුළු අහස පුරාවට
නොදිලුවත් නුඹේ රුව
විඩාබර නෙතු වලට
නුඹම හැර පහසක්
තියේවිද කොතැනක...
හැමදාම ළඟින් හිඳ
සනසවන රෑ අඹර
තරුවකටම මිසක
තනිව හිමිකම් කියනු හැකි වෙද
බොහෝ කලකින්
මුළු අඹර
එකළු කළ සඳකට........

Thursday, December 2, 2010

සේද රෙදි

රන් කාසි ගිලින
ඇදුම් සාප්පුව
සේද රෙදි
වමාරයි

සිබින්නට
කතා කර
සුවද විතරක්
ඕන් නිදි
දහවලෙත්
සාප්පුව

ඇගිලි තුඩගින්
පැන පැන
බෙල්ල කඩා ගතිමි
සේද රෙදි ගොඩ උඩ

කාසි වමාරන
මැශිමක් තිබ්බාලු
එකමත් එක කාලෙක නම්
දැන් එන්නේ ලොකු කොළ
මොනරැ සින්හයෝ ඉන්න
ඒත් නෑ කාසි
රන්ම රන් කාසි

'මේ කොළවල සත්තු ඉන්නවා
උන් අපිට ගොරෝනවා'

මට සේද රෙදි ඕනෙමයි
ඇහුණද ඔහේට....?

වින්දනාත්මක

සාහිත්‍ය

සමාජ/කාලීන

දේශපාලන

Followers

අපිව කියවන අය