විවිධ

Powered by Blogger.

Wednesday, August 21, 2013

කිරි වෙනුවට පිටිකළ 'නියම' පොල් කිරි බොමුද..? හෙවත් ගූගල් ඉමේජස් අනුසාරයෙන් මැජික් පෙන්වීම..!

ලෝකය තනි යායකැයි කිවේ මහගම සේකරය. තොරතුරු තාක්ෂණය සමඟ දොඩම් ගෙඩියක් වන් ලෝකය රොටියක් මෙන් පැතලි වෙමින් යනු දුටු තෝමස් ෆ්‍රිඩ්මාන් "World is Flat" යැයි පැවසීය.

එකළ තිබුණේ හිරු නොබසින අධිරාජ්‍යයන් එකකි. ඒත් අද මුළු ලොවම හිරු නොබසින අධිරාජ්‍යයකි. ලෝකයේ මහ බලවතා බුද්ධිය පමණක් වෙහෙසවා එය ගොඩ නැඟීම ලෝකයට බාරදී බලා සිටිති.

අද මහ බලවතාට ඉන්ජිනේරුවන් සාදන ෆැක්ටරිය ඉන්දියාවයි. මහ බලවතා සමඟ ඉතා හොඳින් ගණුදෙනු කරන මේ ඉන්දියානුවෝ පසුව මහ බලවතාගේ ආශිර්වාදය සමඟ එහි අත්තක් ඉන්දියාවේ පැළ කරති. පසුව එන පරම්පරාව "මොනවද මුත්තේ මොකද කරන්නේ මොකටද උඹ ඔය බිම හාරන්නේ..?" යැයි නොඅසති. ඔවුහු මේ සිටුවන අඹ පැළයේ වටිනාකම දනිති. ලංකාවෙන් ලෝකයට ගිය සමහර ලංකාවට ආදරය කරන මිනිසුන්ද ලංකාවට පැමිණ අඹ පැළ සිටුවා ඊළඟ පරපුරට සේවය දෙමින් සිටිති.

මේ නිසා තවදුරටත් සුරපුර යන්නට සුදු අප්පු කෙනෙකුගේ වලිගේ එල්ලීමට අවශ්‍ය නැත. අද එදා මෙන් ලෝකයට යාම මහා මැජික් එකක් වන්නේද නැත.

නිදහස් අධ්‍යාපනයෙන් උපරිම පළ ලැබු අරුණප්‍රියලාට, ගුණරත්නලාට ලෝකයේ එහා කොණේ ජොන් ස්මිත්, මෙහා කොනේ ලින් යැන්ග් සමඟ හරි හරියට ගනුදෙනු කරන්නට අවස්තාව හිමිවි ඇත.

මේවා ගැන දන්නෝ දනිති.

ඒ වගත් එසේ තිබියදි, මහබලවතාගේ සුපර් මාකට්ටු ගැන අවබෝධයක් ඇත්තෝ එහි ලොකයේ එහා කොණේ සිට මෙහා කොණ දක්වා සියළුම බඩු භාණ්ඩ පුරවා ඇති බව දනිති. මුස්ලිම් අයට අවශ්‍යය හලාල් බඩු, චීනුන්ගේ බඩු, කොරියානුවන්ගේ බඩු, ජපන්නුන්ගේ බඩු, හිස්පැනික් උන්ගේ බඩු, සහ ඉන්දියානුවන්ගේ බඩු, නිර්මාංශිකයන්ගේ බඩු, වීගන්ලාඟේ බඩු, ඔර්ගනික් බඩු ආදී එකී මෙකී සියලුම බඩු  එහි රාක්ක තට්ටු පිට තට්ටු ගසා ඇත.

(ගූගල් ඉමේජස් වලින් වැඩ පෙන්වන්නට අපටද හැකිය. එහෙත් ගහ දන්නා අයට කොළ කඩා පෑම මෝඩ කමක් නිසා ඒ සඳහා කාලය නාස්ති නොකර සිටිමි). 

මෙහිදි වඩාත්ම වැදගත්වන්නේ ගූගල් ඉමේජස් වලින් සොයා ගත් පිටිකළ කිරි වල ඡායාරූප වලින් මැජික් පෙන්වීම නොව ලෝකයේ වැඩිම කිරි නිශ්පාදනය කරන රටේ මිනිසුන් බහුතරයක් පරිභෝජනය කරන්නේ මොනවාද යන්නයි.













මහබලවතාගේ රටේ ඉපදුන මිනිසුන් පසෙකින් තැබුවත් මේ සඳහා හොඳම උදාහරණය වන්නේ, ලංකාවේ උපන්දා සිට ''පිටි කළ කිරි'' පානය කළ 'ලාන්කිකයන්', ලංකාවේදි කිරි [කිරි යනු දියර කිරි මිස අනෙකක් නොවේ] පානය කරනා විට සෙම තද වන්නේ යැයි විශ්වාස කළ 'ලාන්කිකයන්', මහබලවතාගේ රටේ පස් පෑගූ දිනයේ සිට වෝල්මාර්ට් එකෙන් සේෆ් වේ එකෙන්, මෙම්බර්ශිප් ඇතිනම් කොස්ට්කෝ එකෙන් ගත් කිරි ගැලුම යස අගේට පානය කිරීමයි.

ලන්කාවේ බහුතරයක් මිනිස්සු ආහර පාන පිළියෙල කිරීමේදි පොල් කිරි භාවිතා කරති. එහෙත් සුලු පිරිසකගේ අවශ්‍යතාවයන් සඳහා ලන්කාවේ සුපිරි වෙළඳ සැල් වලද ''පිටි කළ පොල් කිරි'' ඇත. සුපිරි වෙළඳ සැල්වල පිටිකළ පොල් කිරි විකිණීමට තිබූ පළියටම මුළු ලන්කාවම පිටිකළ පොල්කිරි පරිභෝජනයට ගන්නවායැයි යමෙක් තර්ක කරන්නේ නම් එයින් පෙනී යන්නේ ඒ පුද්ගලයාගේ බුද්ධි මට්ටමයි. මෙනිසා සොයා බැලිය යුතු කාරණය වන්නේ ලන්කාවේ ජනගහණයෙන් කොපමණ ප්‍රතිශතයක් ''පිටිකළ පොල් කිරි'' ප්‍රභෝජනයට ගන්නවාද යන්නයි.

අවසානයට ගූගල් ඉමේජස් අනුසාරයෙන් සොයා ගත් ලංකාවේ වෙළඳ පොලේ විකිණිමට තබා ඇති ''පිටිකළ පොල් කිරි'' පැකට්ටුවක ඡායාරූපයක් එකතු කරමින් මම මේ ලිපිය අවසන් කරමි.

                           (පිටිකළ) නියම පොල් කිරි




ප.ලි: කතන්දර මාමා දවසක් අපූරු කතාවක් පැවසීය,
''ඕනෑම දෙයක දෙපැත්තක් තියෙනවා, එකක් හරි පැත්ත අනෙක අරුණිගේ පැත්ත''

වින්දනාත්මක

සාහිත්‍ය

සමාජ/කාලීන

දේශපාලන

Followers

අපිව කියවන අය